What is family violence - in Sinhalese

Read about the What is family violence in English

පවුල් හිංසනය යනු කුමක්ද?

පවුල් හිංසනයට පහත දේ ඇතුලත් වේ:

  • ශාරීරික හිංසාව
  • ලිංගික අඩන්තේට්ටම්
  • චිත්තවේගී සහ මානසික අපචාරය
  • වාචික අපවාදය
  • ඔබට හෝ අන් අයට හිංසා කරන බවට තර්ජනය
  • පසු පසින් ලුහු බැඳීම
  • ඔබේ මුදල් පාලනය කිරීම
  • සුරතල් සතුන්ට හිංසා කිරීම
  • ඔබේ දේපල සහ ඔබට අයිති දේවල් හානි කිරීම
  • ඔබට බියෙන් ජීවත්වීමට හේතු කරවන ඕනැම හැසිරීමක්
  • පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් සහ සමාජ සබඳතා ජාලවලින් ඔබව වෙන් කිරීම
  • රටින් නෙරපා හැරීමේ තර්ජනය (නිත්‍ය පදිංචිය permanent residency නැති කාන්තාවන්ට)
  • ගමන් බලපත්‍රය වැනි පුද්ගලික ලියකියවිලි සඳහා ඇති අයිතිය ඉබතට ගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම
  • ඔබේ ළමයින්ව ඉහත සඳහන් ඕනෑම හැසිරීමකට පාත්‍ර කිරීම
  • ඔබේ ළමුන්ව ඔස්ටේ‍ර්ලියාවෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීම

වික්ටෝරියාවේ නීතිය අනුව, ඔබ ඉතා ළෙන්ගතු පුද්ගලික ඇසූරක් පවත්වන ඕනෑම පුද්ගලයකුගෙන් ඔබට ‘පවුල් හිංසනය’ සිදු විය හැකිය. ඔබේ සහකරු, පෙර සිටි සහකරු, පවුලේ සාමාජිකයෙක් හෝ පවුලේම කෙනෙක් ලෙස ඔබ සලකන කෙනෙකු මීට ඇතුලත් වීමට පුලුවන.

මට කලහැක්කේ කුමක්ද?

ආරක්‍ෂාව සැලසුම් කරගැනීම

ඔබට හදිසියේ නිවසෙන් පිටවී යාමට සිදුවුවහොත් ප්‍රයෝජනවත් වන සේ ආරක්‍ෂා සැලසුමක් සකස් කරගන්න. ආරක්‍ෂා සැලසුමක් සකස් කරගැනීම සඳහා පවුල් හිංසන සේවකයකුට ඔබට උපකාර කල හැක. සලකා බැලිය යුතු දේවල:

නිවසේ හිංසනය තියුණු වීමට ආසන්න බව ඔබට සිතේ නම් හෝ හිංසනය දැනටම තියුණුවී ඇත්නම්:

  • හැකි නම් මෙම තත්වයෙන් ඉවතට යන්න
  • නිවසේ හෝ ඉන් පිට ඔබට යා හැකි සූරක්‍ෂිත තැන් හඳුනා ගන්න
  • පුද්ගලික ලියකියවිලි, අත්‍යවශ්‍ය බෙහෙත්, මුදල් සහ වැදගත් දුරකථන අංක යනාදී වැදගත් දේවල් රැගෙන යාහැකි සේ අසුරා තබාගන්න
  • වැදගත් ලියකියවිලවල පිටපත් ඔබට විස්වාසවන්ත කෙනෙකු ලඟ තියන්න
  • ඔබ යන්නේ කොතැනටද යන්න කලින් සැලසුම් කර ගන්න
  • හිංසනය ගැන ඔබට කීමට පුලුවන් අසල්වැසියකු හඳුනාගන, ඔබේ නිවසෙන් කලබලයක ශබ්දයක් ඇසුනොත් පොලිසියට දන්වන ලෙස ඉල්ලා සිටින්න
  • තමන්ට අනාරක්‍ෂිත බව දැනුන විට යා හැකි තැන් සහ හදිසි අවදානමකදී කල යුතු දේවල්ද අඩංගු ආරක්‍ෂා සැලසුමක් ඔබේ ළමයින් සඳහා සකස් කරන්න
  • ප්‍රවේසමෙන් සිද්ධිය වාර්තා කිරීම හැකිවූ විගස පොලිසිය අමතන්න
  • ප්‍රවේසම් සහිත නම්, සතියේ දින හතේම, පැය 24ම විවෘත කාන්තා ගෘහස්ථ හිංසන අර්බුද සේවය (Women's Domestic Violence Crisis Service - WDVCS) මේ අංකයෙන් අමතන්න 1800 015 188

ඔබේ සහකරුගෙන් ඔබ වෙන්වී සිටීනම්:

  • ඔබේ ජංගම දුරකථන අංකය මාරු කරන්න. දුරකථනය ‘private’ ලෙස පිහිටුවන්න. ඔබට ඔබේ ළමයි ගැන කතා කිරීමට අවශ්‍යනම් වෙනත් සිම් කාඩ් එකක් පාවිච්චි කරන්න.
  • අපවාදකාරී සහ බියගන්වනසුලු සිද්ධි ගැන දිනපොතක සටහන් කරන්න. ඔබ මැදිහත්වීමේ නියෝගයක් (Intervention Order) ඉල්ලීමට තීරණය කලහොත් මෙය උපකාරී වනු ඇත.
  • ඔබේ දිනචරියාව නිතර වෙනස් කරන්නට උත්සාහ ගන්න
  • ඔබේ වාහනය සුරක්‍ෂිත සහ පොදු ස්ථානයක ගාල් කරන්න
  • ඔබ ඔබේ සහකරු හෝ හිටපු සහකරු දුටුවහොත් හැකි ඉක්මනින් පොදු ස්ථානයකට හෝ කාර්යබහුල ස්ථානයකට යන්න
  • ඔබ රැකියාවක නියුතු නම්, ඔබව රැකියාව කරන ස්ථානයේදී ආරක්‍ෂා කිරීමට ඔබේ සේවාදායකයාට උදව්විය හැකි අන්දම ගැන ඔවුන් සමග කතා කරන්න

අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය තුල ආරක්‍ෂිතව සිටීම

  • ඔබේ සහ ඔබේ ළමයින්ගේ ෆේස්බුක් ගිනුම් වෙනස් කරන්න නැතිනම් මකා දමන්න
  • ඔබේ ඊමේල්් ගිනුම වෙනස් කර එය සොයා ගැනීම අමාරු කරන්න
  • ඔබේ හෝ ඔබේ ළමයින්ගේ ජංගම දුරකථනවල GPS කාර්යයඅක්‍රියකරන්න.
  • ඔබේ සහකරුට හෝ හිටපු සහකරුට පිවිසිය නොහැකි පොදු පරිගණකයක් හෝ ඔබේ මිතුරකුගේ පරිගණකයක් පාවිච්චි කරන්න.

ඔබේ ළමයින්ට ආරක්‍ෂිතව සිටීමට උපකාර කිරීම

  • අවදානම පිළිබඳ අනතුරු සලකුනු තේරුම් ගැනීමට ඔබේ ළමයින්ට උදව් කරන්න
  • හදිසි අනතුරකදී ඇමතිය හැක්කේ කාටද යන්න සහ යාමට පුලුවන් කොතැනටද යන්න ඔබේ ළමයින්ට උගන්වන්න. 000 අමතන අන්දම සහ අමතා පැවසිය යුත්තේ කුමක්ද යන්න උගන්වන්න (උදාඃ තම ලිපිනය පැවසීම).
  • ඔබේ ළමයින්ගේ පාසල් හෝ ළමා රැකවරණ මධ්‍යස්ථාන වලට අදාල හිංසන ගැන කියන්න. මැදිහත් නියෝග යටතේ ඔබේ ළමයින් හමුවීමට කිසියම් විශේෂ කොන්දේසි ඇත්නම් ඒ බව කියන්න.

මට ඇමතිය හැක්කේ කාවද?

දැන්ම උපකාර ලබා ගන්න - පවුල් හිංසනය

ඔබට උදව් අවශ්‍යනම්, නොමිලේ, රහසිගත උපකාර ලබාගැනීම සඳහා ඇමතිය හැකි අංක ගණනාවක් තිබේ. මේ අංක වලට ඔබ අමතන විට අවශ්‍ය නම් භාෂා පරිවර්තකයෙක් ඉල්ලන්න.

හදිසි අවදනමකදී

පොලිසිය සහ ගිලන් රිය : 000

ඔබ අවදානමකට පත්ව ඇත්නම් හෝ අවදානමට පත්වු වෙනත කෙනෙකු ගැන ඔබ දන්නවා නම්

කාන්තා ගෘහස්ථ හිංසන අර්බුද සේවය Women's Domestic Violence Crisis Service (WDVCS)

දුරකථනය: 1800 015 188 (වික්ටෝරියාව තුල නොමිලේ ඇමතුම්) සතියේ දින හතේම, පැය 24 පුරාම

WDVCS යනු තොරතුරු, උපකාර සහ සුරක්‍ෂිත නවාතැන් සපයන රහසිගත දුරකථන සේවයකි.

inTouch – පවුල් හිංසන විරෝධී බහුසංස්කෘතික මධ්‍යස්ථානය Multicultural Centre Against Family Violence

දුරකථනය: 1800 755 988 (වික්ටෝරියාව තුල නොමිලේ ඇමතුම්)

හෝ 03 9413 6500

වේලාව: සඳුදා සිට සිකුරාදා දිනවල පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා

මෙමගින් විවිධ සංස්කෘතීන්ගෙන් සහ භාෂාවන්ගෙන් සමන්විත ප්‍රජා කණා්ඩායම් වලට සේවා, වැඩසටහන් සහ පවුල් හිංසන ගැටලු සඳහා ප්‍රතිචාර සපයනු ලැබේ.

පිරිමින්ගේ යොමුකිරීම් සේවය

දුරකථනය: (03) 9428 2899 or 1800 065 973 (වික්ටෝරියාව තුල නොමිලේ ඇමතුම්) සඳුදා සිට සිකුරාදා දිනවල පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා

පිරිමින්ගේ යොමුකිරීම් සේවය යනු පිරිමින් සඳහා පිරිමින් විසින් සපයනු ලබන නිර්නාමික සහ රහසිගත දූරකථන සේවයකි.

පවුල් හිංසන සේවකයකු සමග කතා කිරීමෙන් ලැබෙන උපකාරය කුමක්ද?

පවුල් හිංසන සේවකයකුට පහත දැක්වෙන දේ ගැන නොමිලේ, රහසිගත උපකාර සැපයීමට පුලුවන:

  • ආරක්‍ෂා සැලසුමක් සකස් කරගැනීමට ඔබට උපකාර කිරීම
  • මැදිහත් නියෝගයක් ලබාගැනීමට ඔබට උපකාර කිරීම
  • වෛද්‍ය සේවා ලබා ගැනීම
  • ඔබේ හැඟීම් ගැන කතා කිරීමට උපදේශන සේවා
  • සුරක්‍ෂිත නවාතැන් සහ නිවාස සොයා ගැනීම
  • නීති සේවා ලබා ගැනීමට ඔබට උපකාර කිරීම
  • උසාවි උපකාර
  • අපරාධ වලට ගොදුරුවූවන්ගේ ඉල්ලුම්පත් (Victims of Crime Application)
  • ඔබේ වීසා සම්බන්ධ උපකාර
  • ඔබගේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය වෙන ඕනෑම දෙයක්
  • ඔබ හෝ ඔබේ ළමයින්ට ආබාධිතාවක් ඇත්නම් තම නිවසේ සිටීමට හෝ අර්බුද නවාතැන් සපයා දීමට අවශ්‍ය ක්‍ෂණික උපකාර සහ මුදල් ලබා දීම

පොලිසියෙන් සහ අධීකරණයෙන් ලබාගත හැකි උපකාර කවරේද?

නීතිය තිබෙන්නේ ඔබව පවුල් හිංසනයෙන් ආරක්‍ෂා කිරීමටයි.

  • පොලිසිය:
    • කාර්යාල වේලාවෙන් පිටතදී හදිසි ආරක්‍ෂා දැන්වීම් ලබා දමට පුලුවන (after hours safety notice)
    • ඔබට මැදිහත් නියෝගයක් ලබා දීමට පුලුවන
    • අපරාධ චෝදනා ගොනු කිරීමට පුලුවන
    • අතීතයේ සිදුවූ අපචාර ගැන වාර්තා ලබා ගැනීමට පුලුවන
  • මහේස්ත්‍රාත් උසාවිය
    • හිංසාකාරී පුද්ගලයා ඔබෙන් සහ ඔබේ නිවසෙන් ඈත් කර තැබීම සඳහා මැදීහත් නියෝගයක් ඔබට මහේස්ත්‍රාත් උසාව්ියෙන් ලබා ගැනීමට පුලුවන
    • සංස්කෘතික හා භාෂා විවිධත්ව (CALD) පවුල් හිිංසන සේවකයකු ඔබට ඉල්ලා සිටමට පුලුවන
    • උසාවියේදී ඔබට භාෂා පරිවර්තකයෙක් ඉල්ලා සිටීමට පුලුවන
  • පවුල් උසාවිය
    • ආරාවුලක් තිබෙන විට ඔබේ ළමයින්ගේ ආරක්‍ෂාව සඳහා නිසි කටයුතු පිළිවෙල කරදෙන ලෙස නියෝගයක් නිකුත් කිරීමට පුලුවන
    • උසාවියේදී ඔබට භාෂා පරිවර්තකයෙක් ඉල්ලා සිටීමට පුලුවන
  • අපරාධවලට ගොදුරුවූවන්ගේ ආධාර විනිශ්චය සභාව - Victims of Crime Assistance Tribunal (VOCAT)
    • හදිසි වියහියදම් ආපසු ලබාගැනීමට උදව් කරනු ඇත.
  • නීතිඥයන්
    • ඔබට නීතියෙන් තිබෙන හිමිකම් තේරුම්කර දීමට සහ එම හිමිකම් ලබාගැනීමට උපකාර කිරීමට නීතිඥයන්ට පුලුවන

Languages display best in modern browsers. Languages are also available in PDF and Word.

Request more information about this topic.
[close]

For more information:

Contact us.